×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එංගලන්තේ ගිහින් මිසින් වෙච්ච 10කට නඩු

Local  •  Published on: 2025-10-18 08:14:11

2022 වසරේ එංගලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියට සහභාගී වීමට ගොස් මෙරටට නැවත නොපැමිණ රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩු කළ බව කියන සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයින් දස දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී අදාළ සැකකාර ක්‍රීඩකයින් 10 දෙනාට රතු එරෙහිව වරෙන්තු නියෝග නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද එම ඒකකය අධිකරණයට දන්වා තිබෙනවා.

එම නිලධාරීන් අධිකරණය හමුවේ දැනුම් දුන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි.

මේ අනුව 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගී වීමට ගිය අසේල ද සිල්වා, චමිලා දිලානි, එස් චතුරංග, වයි නික්ලස්, අශේන් රශ්මික එස් මලින්ත, ‍ශ්‍රියන්තිකා ප්‍රනාන්දු සංජීව රාජකරුණ, ජීවන්ත විමුක්ති කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළව ඉහත විමර්ශන සිදු කරන බවයි ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියේ.

මෙම සැකකරුවන්ට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීම පනතේ 2019 අංක 24 පනතේ 5 සහ 6 වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116 දෙනෙක් සහභාගී වුණා.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ ඒ අතුරින් මල්ලව පොර සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් 3ක් ද, ජූඩෝ තරගයකට සහභාගි වූ ක්‍රීඩකයන් 2ක් ද, බොක්ෂින් සඳහා ගිය ක්‍රීඩකයන් 2ක් සහ වොලිබෝල් සඳහා ගිය ක්‍රීඩකයන් දෙදෙනෙක් මෙලෙස නැවත ලංකාවට පැමිණ නොමැති බවයි.

මේ අනුව විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටි නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා එම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේ දී අධිකරණයට වාර්තා කරන ලෙසද නියෝග කළා.