සංචාරකයින් ලක්ෂ 18ක් මෙරටට ඇවිත්
Local • Published on: 2025-10-18 08:42:53
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ගණන ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.
පසුගිය ඔක්තෝබර් 15 වනදා වන විට මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳව නවතම සංඛ්‍යාලේඛනවල මේ බව සඳහන්ව තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75657ක් මෙරටට පැමිණ ඇති බවයි.
මේ සමඟ මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් ගණන 1801151ක් දක්වා ඉහළ ගියා.
දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර එම ගණන ලක්ෂ 4 සීමාව ආසන්නයටම පැමිණ තිබෙනවා.
ඉන්දියාවෙන් මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන 396274කි.
තවද එක්සත් රාජධානිය 167,886, රුසියාව 125,950, ජර්මනිය 111,677, චීනය 108,040 යන රටවලින් ලක්ෂය ඉක්මවූ සංචාරකයින් පැමිණ ඇති බව සඳහන්.
ඊට අමතරව ප්‍රංශය 90,250, ඔස්ට්‍රේලියාව 81,040, නෙදර්ලන්තය 53,922 හා අමෙරිකාව 50,027 යන රටවලින්ද පනස්දහස ඉක්මවූ සංචාරකයන් මෙම වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඉතාලිය 39,932, කැනඩාව 37,606, ස්පාඤ්ඤය 36,430, පෝලන්තය 36,389 යන රටවලින්ද සැලකිය යුතු සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.
පසුගිය වසරේ දී මෙරටට මිලියන 2කට ඉක්මවූ සංචාරකයින් මෙරටට පැමිණ තිබුණා.
අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් ගණනක් වාර්තා වූ වසර වුයේ 2018 වසරේයි.
එම වසරේ දී මෙරටට ලක්ෂ 23කට වැඩි සංචාරකයින් පැමිණ තිබුණා.
ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 සීමාව අවස්ථා 4කදීයි.
ඒ 2016, 2017, 2018 හා 2024 යන වර්ෂයන්හිදීයි.