×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාවේ දැවැන්ත විරෝධතා ඇරඹේ

Local  •  Published on: 2025-10-19 02:57:22

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති බවයි.

මේ සඳහා දහස් ගණනක් අමෙරිකානු ජනතාව එක්ව ඇති බවද වාර්තා වනවා.

ට්‍රම්ප් පරිපාලනය ෆැසිස්ට්වාදය සහ ඒකාධිපති රාජ්‍යක් කරා එක්සත් ජනපදය රැගෙන යමින් ඇති බවත් කොංග්‍රසය අනුමත කර ඇති අරමුදල් අවහිර කිරීම සහ ෆෙඩරල් රජයේ කොටස් විසුරුවා හැරීම, සංක්‍රමණිකයින් මර්දනය, පුළුල් තීරුබදු ක්‍රියාත්මක කිරීම, අමෙරිකානු නගරවලට ජාතික ආරක්ෂක භටයින් යෙදවීම අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය සේවා කප්පාදුව ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් විරෝධතාකරුවන් මෙහිදී විරෝධය දක්වා තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම වැඩපිළිවෙල හේතුවෙන් ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වෙමින් පවතින බව වාර්තා වනවා.

දෙවැනි වරට බලයට පත්වීමෙන් අනතුරුව ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ ඇතැම් දැඩි තීන්දු තීරණය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක අවධානය දින ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා.

විශේෂයෙන් තීරු බදු පැනවීම මඟින් ලොව පුරා රටවල් රැසකින් ට්‍රම්ප් විවේචනයට ලක් වුණා.

මෙම තීරු බදු හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ විනාශයේ ගමන් මගට යොමුවෙමින් ඇති බවයි ඇතැම් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.