×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

මහින්දගේ සිත සුව කරන බෙහෙත මෙන්න

Local  •  Published on: 2025-10-19 03:42:05

තම ගත සිත සුවපත් කරන්නේ ජනතා ඇසුර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමාජ මාධ්‍ය සටහනක් තබමින්.

"ජනතාව සමඟ නිදහසේ සිටීමට මම බෙහෙවින් ප්‍රිය කරමි. මිනිසුන් අතර සිටීම කිසි දිනක මා විඩාවට පත් නොකරයි.එය පුරුද්දකි. බැඳීමකි. සැමට නොලැබෙන අවස්ථාවකි. ජනතාවගේ සිත් තුළ ඇතිවන විශ්වාසය සහ ලෙංගතුකම මත ගොඩනැගෙන මානව සබඳතා, ජන මූල නායකයෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ධෛර්යයෙන් යුතුව මුහුණ දීම් හැකියාව වර්ධනය කරයි. ජනතා ඇසුර යනු මා තව තවත් ගතින් සවිමත් කරන්නකි. මනස සුවපත් කරන්නකි.

සැමදා එක ලෙසින් පැමිණ සුව දුක් විමසන, හිතවත් කතාබහක යෙදෙන ආදරණීය ජනතාවට ස්තුතිවන්ත වෙමි. දේශපාලන සගයින් ද සිහිපත් කරමි. ඔබ සැමට ස්තුතියි."