×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Local  •  Published on: 2025-10-19 14:24:39

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පීලී ගැනීමකට ලක්ව ඇති බවයි.

අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගය ආසන්නයේ සුළු නාය යෑම් තත්ත්වයක් හටගෙන ඇති බව සඳහන්.

මේ හේතුවෙන් මෙම පීලී පැනීම සිදුව ඇති බව වාර්තා වනවා.

දුම්රියේ එක් මැදිරියක් පීලී පැනීමට ලක්ව ඇති අතර එය පිලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පීලී පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව සඳහන්.