×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

විල්පත්තුවේ දී ගංවතුරට මැදි වූ සංචාරකයින් පිරිසක් බේරා ගනී

Local  •  Published on: 2025-10-19 15:21:34

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරයට පැමිණ සිටියදී ඇඳහැලුණු අධික වර්ෂාව හේතුවෙන් යළි පිවිසුම කරා යාමට නොහැකිව සිටි දෙස් විදෙස් සංචාරකයින් 30 දෙනෙක් වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.

ගමන්ගත් මාර්ග කැඩීයාම හේතුවෙන් එම පිරිසට නැවත එළුවන්කුලම පිවිසුම වෙත පැමිණීමට නොහැකිව ඇති බව සඳහන්.

මේ අනුව වනජීවී නිලධාරීන් පැමිණි සෆාරි රථ යොදා ගනිමින් ඔවුන් නිරුපද්‍රිතව නැවත රැගෙන විත් තිබෙනවා.

රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සමඟ කලා ඔයෙන් ගලා ආ දැවැන්ත ජල කඳක් හේතුවෙන් එළුවන්කුලම පිවිසුම අවට ප්‍රදේශය අඩි 6කට වඩා ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති අතර මෙම පිරිසට පැමිණීමට නොහැකිව සිට තිබෙනවා.