×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සටන් විරාමය උල්ලංඝනය කරමින් ඊශ්‍රායලයෙන් දකුණු ගාසා තීරයට ප්‍රහාර‍යක්

Local  •  Published on: 2025-10-19 15:25:45

හමාස් සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රාෆා නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසන්නේ ගාසා තීරයේ හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

මෙම මස මුලදී ඇති කරගත් ගිවිසුමට අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරයෙන් ඉවත් විය යුතු වුවද රාෆා ඇතුළු ඇතැම් ප්‍රදේශවල රැඳී සිටීමට ඔවුන් අවසර ලැබී තිබෙනවා.

මේ අනුව රාෆා නගරයේ ඊශ්‍රායල ආරක්ෂක අංශ රැඳී සිටින ප්‍රදේශයට හමාස් විසින් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසනවා.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රමුඛ තුවක්කුකරුවන් දකුණු ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,200ක් පමණ ඝාතනය කර තවත් 251 දෙනෙක් ප්‍රාණ ඇපයට ගත් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ මෙහෙයුමක් දියත් කළා.

එතැන් සිට මේ දක්වා ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 68,000ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.