×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

ලබන 21 වනදායින් පසු වැසි තත්ත්වයේ වැඩි වීමක්

Local  •  Published on: 2025-10-19 15:47:49

ලබන 21 වනදාට පසුව පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවයි.

එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 06කට පනවා ඇති නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්යය වසන්ත සේනාධීර මහතා පැවසුවේ බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක කර ඇති බවයි.

තවද පවතින වැසි සහිත කාලගුණ තත්තවයත් සමඟ ජාලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එච්.එම් හේරත් මහතා වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.