×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Local  •  Published on: 2025-10-20 02:44:22

දිස්ත්‍රික්ක 8ක් සඳහා අද (20) රාත්‍රී 9ට දක්වා බලපැවැත්වෙන පරිදි නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අනුව මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක් සඳහා අදියර දෙක යටතේ වන නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

අදියර දෙක යටතේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ,

මහනුවර දිස්ත්‍රික්කයේ - යටිනුවර සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කයේ - මාවනැල්ල, යටියන්තොට, කෑගල්ල, අරණායක සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, පස්සර සහ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙලුව සහ ඇල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට, උඩපළාත, දොළුව, පහතදුම්බර, පහතහේවා හැට සහ ගග ඉහළකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර 1 යටතේ වන අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

තවද කෑගල්ල දිස්ත්‍රික්කය - බුලත්කොහුපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, වරකාපොළ සහ රඹුක්කන

කුරුණෑගල දිස්ත්‍රික්කය - නාරම්මල, අලව්ව, රිදීගම සහ මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය - යටවත්ත, උකුවෙල, පල්ලෙපොල, ලග්ගල, නාවුල, අඹන්ගගකෝරළය, රත්තොට

නුවරඑළිය දිස්ත්‍රික්කය - වලපනේ, අඹගමුව, නෝවුඩ් සහ හගුරන්කෙත

රත්නපුර දිස්ත්‍රික්කය - කලවාන, ඉඹුල්පේ, රත්නපුර, ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අද (20) රාත්‍රී 9 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙලෙස අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.