×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී  •  රටම එකට - ජාතික මෙහෙයුම අද සිට

ලංකාව රග්බි තරඟාවලියකින් තෙවන ස්ථානය දිනා ගනී

Sports  •  Published on: 2025-10-20 03:16:17

2025 ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) පස්වරුවේ සමත්වුණා.

කොළඹ තුරඟ තරඟ පිටියේ තෙවන ස්ථානය වෙනුවෙන් පැවැති තීරණාත්මක තරඟයෙන් චීනය 19 - 14ක් ලෙස පරාජය කරමින් ඔවුන් මෙම ස්ථානය දිනා ගනු ලැබුවා.

අවසන් පූර්ව වටය දක්වා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකා අවසන් පූර්ව තරඟයෙන් ප්‍රබල ජපානය හමුවේ ලකුණු 12 - 15ක් ලෙස පරාජය වීම හේතුවෙන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට සිදුවුණා.