අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විවෘත කෙරේ
Local • Published on: 2025-10-20 13:14:40
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද (20) පෙරවරුවේ කොළඹ පිහිටි පොලිස් මුලස්ථානයේ පිහිරි පැරණි ගොඩනැගිල්ලේ දී විවෘත වුණා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොට්ඨාසයේ වැඩකටයුතු ආරම්භ වුණා.
මෙම නව විමර්ශන කොට්ඨාසය ස්ථාපිත කරනුයේ 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳව විධිවිධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහායි.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ යම් කිසි පුද්ගලයෙකු නීති විරෝධීව යම් අයුරකින් මුදල් උපයා බොහෝ දේ අත්පත් කර ගැනීමට උත්සාහ දරන්නේ නම් මෙම පනත හරහා එය මැඩපැවැත්වීමට හැකියාව ලැබෙන බවයි.
එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
"මේක සුවිශේෂී පනතක් හැටියට හඳුනා ගන්න පුළුවන්. මේ හරහා නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබෙනවා. ඊට අවශ්‍ය සියලුම බලතල ලබා දීලා තියෙනවා. දැන් මේ රටට පුළුවන් අලුත් පනත් නැතත් මේ පනත හරහා සංවිධානාත්මක අපරාධත්, මත්ද්‍රව්‍යත් යම් ප්‍රමාණයකින් මැඩ පවත්වන්න. අයෙක් නීති විරෝධී ආකාරයකින් මුදල් උපයලා ඔහු බොහෝ දේ අත්පත් කරගන්න උත්සාහ කරනවානම් ඒ උත්සාහයන් සියල්ල මේ පනත හරහා ව්‍යාර්ථ කරන්න හැකියාව ලැබෙනවා."