×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

ඇමති බිමල් චීනයේ වගාවන් බලන්න ගිහින්

Local  •  Published on: 2025-10-20 15:31:14

චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනාවක් මත චීනයට ගොස් සිටින ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා චීනයේ ගුවන්ෂි ප්‍රාන්තයේ වගා නිරීක්ෂණයක් සඳහා සහභාගී වී තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා ගුවන්ෂි ප්‍රාන්තයේ පළතුරු වගා ප්‍රදේශයක පිහිටා ඇති ගුවන්ෂි ජින්ෂු කෘෂි සමාගමේ චාරිකාවක් සඳහා එක්ව ඇති බව සඳහන්.

මෙම සමාගම විසින් වර්ග කිලෝමීටර් 3.6ක් වන භූමි ප්‍රමාණයක වගාව පවත්වාගෙන යනු ලබනවා.

එම කෘෂිකාර්මික ප්‍රදේශය ආශ්‍රිතව ගෘහ ඒකක 10907ක් පවතිනවා.

එහි නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ "ඩ්‍රැගන් ෆෘට්" වගාව ආශ්‍රිතව රැකියා කරන ගෘහ ඒකක වල වාර්ෂික ආදායම සාපේක්ෂව ආසන්න වශයෙන් තුන් ගුණයකින් පමණ ඉහල අගයක පවතින බවයි.