×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාර වෙයි

Local  •  Published on: 2025-09-17 08:14:35

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරී නැමැත්තා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී තිබෙනවා.

ඒ අනුව අද (17) දහවල් ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇති බවයි වාර්තා වන්නේ.

මිද්දෙනිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදා ගන්නා බවට සැක කරන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අධිකරණයට භාරවීමට සුදානම් බව ඔහුගේ නීතිඥවරයා පසුගිය 15 වනදා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණා.