×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී  •  රටම එකට - ජාතික මෙහෙයුම අද සිට

ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් බිඳ වැටෙයි

Foreign  •  Published on: 2025-10-20 16:11:32

ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති බවයි.

මෙම හදිසි බිඳ වැටීම හේතුවෙන් ගණුදෙනුකරුවන්ට ද බලපෑම් එල්ල වී ඇති බවද සඳහන්.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙම තත්ත්වය ලොව ප්‍රධාන පෙළේ බැංකු සේවා වන ලොයිඩ් සහ හෙලිෆැක්ස් යන බැංකු සේවා ද බලපෑමට ලක්වී ඇති බවයි.

මේ අනුව මෙහි බලපෑමට ලක්වූ ආයතන ගණන 500කට අධික වන අතර එම සේවා නැවත යථාවත් කරමින් පවතින බවට ඇමසන් ආයතනය සඳහන් කර තිබෙනවා.