×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

Online ණය ලබාදීම ගැන මහ බැංකුව අවධානය යොමු විය යුතුයි - නිරෝෂන් පාදුක්ක

Local  •  Published on: 2025-10-21 02:34:57

ශ්‍රී ලංකාවට රටවල් තුනකින් පැමිණි සිටින විදේශිකයන් Online ණය ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහා බැංකුවේ අවධානය කඩිනමින්ම යොමු විය යුතු බව දුෂණ විරෝධි බලවේගයේ කැදවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ නිරෝෂන් පාදුක්ක මහතා,

‘‘ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ජාතිකයන් , යුක්රේන ජාතිකයන් සහ රුසියානු ජාතිකයන් ඔන්ලයින් ණය දීමේ ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට මොවුන්ට හසුවී සිටින ප්‍රමාණය ලක්ෂ 15 කට වැඩියි.

මෙම පිරිස් ජනතාවට රුපියල් 1000 සිට දෙලක්ෂ පනස් දහස දක්වා ඔන්ලයින් හරහා ණය ලබාදීම සිදුකරනු ලබනවා.

රුපියල් 1000 ක් ඔන්ලයින් හරහා ණයක් ලබා ගත්තොත් දින 7 ක් තුළ රුපියල් 1000 ට අමතරව රුපියල් 1200 ක් පොලිය ලබාදිය යුතුයි.

රුපියල් 5000 ක් ගත්තොත් සතියට රුපියල් 5000ට අමතරව රුපියල් 3800 ක පොලියක් ගෙවිය යුතුයි.


ඒ වගේම රටේ ආණ්ඩුවට නොතේරෙන ආර්ථික ප්‍රශ්නය මිනිස්සුන්ට දැවෙන ද්‍රවශිලිතා ප්‍රශ්නය වන්නේ විදේශිකයන් විසින් ලංකාවට පැමිණ වවාගෙන කනවා.

ඒ වගේම මෙවැනි ආයතන සමාගම් පනත යටතේ 50 ක් ලියාපදිංචි කර තිබෙනවා.

ඒ වගේම මෙම ආයතන ජනතාවට ණය ලබාදී ණය ලබාගත් පුද්ගලයාට දින 6 කින් දුරකථන ඇමැතුමක් ලබාදෙනවා.

ණය ගෙවන්න හැකියාවක් තිබෙනවාදැයි 6 වැනි දිනයේදී එම ආයතනය ණය ලබාගත් පුද්ගලයාගෙන් විමසනවා.

ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබෙන බව ප්‍රකාශ කළාට පසු නැවත දුරකථන ඇමැතුමක් එම පුද්ගලයාගේ දුරකතනයට ලැබෙනවා.

එම දුරකතන ඇමැතුම හරහා ණය ලබාගත් පුද්ගලයාගෙන් ණයක් අවශ්‍ය ද යනුවෙන් විමසීමක් සිදුකරනු ලබනවා.

ණය ගෙවා ගැනීමට නොහැකි නිසා එම පුද්ගලයා දෙවැනියට දුරකථන ඇමැතුම ලබාදුන් තැනින් ණයක් ලබාගන්න කටයුතු කරනවා.

ඒ අනුව ණය ලබාගත් පුද්ගලයාට අවසානයේ විශාල මුදලක් ගෙවීමට සිදුවී තිබෙනවා.

මේ ආකාරයට ඔන්ලයින් ණය ලබාදෙන ජනතාව සුරාගෙන කන්න ඔවුන් කටයුතු කරමින් සිටිනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව මුණිවත රකිනවා.

ඒ වගේම ඕනෑම කෙනෙකුට මුදල් ණයට ලබාදෙන්න හැකියාව තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.

නමුත් ලියාපදිංචි විදේශ බැංකු හැර වෙනත් කිසිදු විදේශිකයෙකුට මුදල් ගණුදෙනු කිරීම තහනම් බව 1988 අංක 30 දරණ බැංකු පනතේ සඳහන් වෙනවා. එසේ නම් චීන ජාතිකයන් , යුක්රේන ජාතිකයන් සහ රුසියානු ජාතිකයන් ඔන්ලයින් ණය දීම සිදුකරන්නේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට මහ බැංකුව කටයුතු කරන්නේ නැහැ.

ඒ වගේම ණය ලබාගත් ජනතාව ණය ගෙවීම සිදුනොකළ විට ණය එම පුද්ගලයා ණය ලබාගත් පුද්ගලයෙක් බව සමාජ ගත කරන්න එම ඔන්ලයින් ණය ලබාදෙන ආයතන කටයුතු කරනු ලබනවා.

ඒ අනුව ණය ලබාගත් පුද්ගලයා ණය ලබාගත් අයෙක් බව සමාජයම දැන ගන්නවා.

ඒ වගේම ණය ලබාගත් පුද්ගලයාගේ දරුවා ඉගෙන ගන්න පන්තියේ ගුරුවරියට ඒ බව දැනුම් දෙන්නත් මෙම ඔන්ලයින් ණය ලබාදෙන ආයතන කටයුතු කරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව පිළිතුරු ලබාදිය යුතුයි."