×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව ඉහළට

Local  •  Published on: 2025-10-21 10:35:24

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් නිකුත් කරන රියදුරු බලපත්‍ර සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2000 සිට 15000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි.

තවද එම නිවේදනයේ ඩොලර්වලින් ගෙවිය යුතු මුදල සඳහන්ව ඇති බැවින් එය නැවත රුපියල් යනුවෙන් වෙනස් කර ලබන සතියේ නැවත ගැසට් නිවේදනය නිකුත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම පහසුකම ඉදිරියේදී විදේශිකයන්ට පමණක් නොවන බවත් වසර ගණනාවකට පසු නැවතත් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ද අදළ ගාස්තු ගෙවා ලබාගත හැකි බවත්ය.

"ප්‍රවාහන අමාත්‍යංශය තීන්දුවක් ගත්තේ අපේ රටට පැමිණෙන විදේශිකයන්ට පමණක් නෙමෙයි ලංකාවෙන් බැහැරව ඉන්නවා ලක්ෂ 35කට ආසන්න ශ්‍රී ලාංකිකයෝ.  එතනත් බහුතරයක් ඉන්නවා ඒ රටවල වසර 10ක් 15කට වඩා වැඩිය ඒ රටවල ජීවත්වන අය. ඒගොල්ලෝ ලංකාවට ආවම එයාලටත් මේ අවශතාවය පැන නගිනවා. සංචාරකයින්ට පමණක්ම නෙමෙයි. රාජතාන්ත්‍රිකව කටයුතු කරන අපේ තනාපති කාර්යිල වල ඉන්න අයටත් ඒ අවශ්‍යතාවය තියෙනවා.

ආයෝජකයෝ ගෙන්න ගත්තම, අලුත් ව්‍යාපාර පටන් ගත්තාම ඒ ආයතනවල සේවා සපයන අයටත් ඒ අවශ්‍යතාවය තියෙනවා.  

ඒ රියදුරු බලපත්‍රය ලබාදෙන්න ගන්න මුදල මදී. රුපියල් 2000ක් වගේ පුංචි ගානක්. අපි ඒක ප්‍රවාහන අමාත්‍යංශයත් එක්ක කතා කළා. එකඟතාවයකට ආවා ඒ මුදල වැඩි කරන්න.

අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළා ඒ ගැසට් එකේ තියෙන්නේ ඩොලර්ස් වලින්. ප්‍රවාහන අමාත්‍යංශයට නීතිමය හැකියාවක් නෑ ඩොලර්ස් වලින් සල්ලි ගන්න. ඒ නිසා නැවත ගැසට් එක රුපියල්වලට වෙනස් කරන්න ඕනේ. ඒක ලබන සතියේ අඟහරුවාදා වෙනස් කරලා නීතිපතිට ආපහු යවනවා. 

ඒ කටයුත්ත අවසන් වුණාම ලංකාවට පැමිණෙන ඒ අයට දැනට බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන්  රියදුරු බලපත්‍රයක් ලබා දීමේදී මාසයක කාලයකට පමණක් ලබා ගන්න රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 15,000ක් අයකරනවා. 

ඒ කියන්නේ ඩොලර් 50ක් අයකරනවා. මාස 2ක් වෙනකොට ඒක තවත් වැඩි කරනවා. මාස 3ක් වෙනකොට තවත් වැඩි වෙනවා. ඒ නිසා රුපියල් 2,000ට ඒ ලබා දීපු ඒක අපි වෙනස් කරලා. ප්‍රවාහන අමාත්‍යංශය එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන්ම රියදුරු සේවයේ ඉන්න අයට තමන්ගේ රැකියාව නැති වෙනවා කියලා බියක් සැකයක් ඇති කරගන්න ඕනේ නෑ."