×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

දෙහිබාලේ මල්ලි සහ කළු මල්ලි ගැන අධිකරණය ගත් තීන්දුව

Local  •  Published on: 2025-10-21 15:27:29

විදෙශියන්හි සැඟව සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බව කියන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙහාන් සත්සර නොහොත් 'දෙහිබාලේ මල්ලි' හා ඔහුගේ සොහොයුරා වන තුෂාන් නෙත්සර නොහොත් "කළු මල්ලි" වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළා.

මීට අමතරව මෙම සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා නියෝග කරනු ලැබුවා.

දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදාව විසින් අයිස්, හොරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් පසුගියදා සිය භාරයට ගෙන තිබුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණය දැනුම් දී ඇත්තේ එම මත්ද්‍රව්‍ය තොගය රටට රැගෙන ඒම දෙහිබාලේ මල්ලි හා කළු මල්ලි විසින් සිදුකර තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.

මෙම සැකකරුවන් ඩුබායි හෝ වෙනත් විදේශීය රාජ්‍යයක සැඟවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසනවා.

එම පුද්ගලයින් දෙදෙනාගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව අදාළ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගත් ධීවරයින් පස් දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද (21) අධිකරණයට ඉදිරිපත් කළා.

මේ අනුව එම සැකකරුවන් ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස ද නියෝග කළා.