×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ගසක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා

Local  •  Published on: 2025-10-23 01:41:39

ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රියට ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ සාගරිකා දුම්රිය මේ හේතුවෙන් නතර කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර පසුගිය 19 වනදා දින සිට ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (23) අලුයම සිට යළි ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල සහ මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය 2ක් අද (23) උදෑසන ධාවන කටයුතු ආරම්භ වූ බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.