මත් උවදුරට තවදුරටත් ඉඩ තබන්නේ නෑ - ජනපති
Local • Published on: 2025-10-24 09:03:45
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙලක් වෙනුවෙන් රටම එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන "රටම එකට ජාතික මෙහෙයුම" පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකට එක්වෙමින්.
දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධ විවාද මතු කරගත හැකි නමුත් විශ්‍ර මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේ දී තවදුරටත් කිසිඳු විවාදයකට ඉඩක් නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මුල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත් සමාජයත් විනාශ කරමින් ඇති බවයි.
මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
රටම එකට ජාතික මෙහෙයුම සමාරම්භක උත්සවය ඔක්තෝබර් 30 වැනිදා පෙරවරු 10:00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.