×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සොබාධනවි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක්කරයි

Local  •  Published on: 2025-09-17 14:24:42

කෙරවලපිටියේ සොබාධනවි ස්වභාවික ද්‍රවීකෘත වායු (LNG) බලාගාරය අද (17) ජාතික විදුලිබල පද්ධතියට එක්කරනු ලැබුවා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර එය සිදුකර තිබෙනවා.

ලක්දනව් සමාගම විසින් සැලසුම් කරන ලද සොබාධනවි බලාගාරය මඟින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරනු ඇති.

මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදුකිරීම ද විශේෂත්වයක් වනවා.