×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

Local  •  Published on: 2025-10-24 11:53:39

යුද්ධ හමුදාව විසින් දිගු කාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු කර තිබෙනවා.

මෙම රථවාහන අද (24) සිට නැවත යුද්ධ හමුදාවේ භාවිතයට යොදා ගැනීමට නියමිතයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ නවීකරණය කළ මෙම වාහන නැවත යුද්ධ හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීම හරහා යුද්ධ හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

තවද මෙම වාහන නැවත භාවිතයට යෙදවීම හරහා යුද්ධ හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන සඳහා මාසිකව වැය කරන රුපියල් මිලියන 10ක පමණ මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි කර දීමට හැකිව තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ට්‍රක් රථ, බස් රථ, වතුර බවුසර්, යුනි බෆල් රථ, කැබ් රථ, ගිලන් රථ, වෑන් රථ, ගලි බවුසර් ඇතුළු වාහන 76ක් මෙලෙස නවීකරණය කර යළි සේවයට එක් කර ඇති බව සඳහන්.