×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

සාමාන්‍ය පුරවැසියන්ට වෙඩි තියනවාද රටේ ? නෑ නේද ? ඉතින් ආරක්ෂාව තියෙනවානනේ

Local  •  Published on: 2025-10-25 08:31:40

මෙරට සාමාන්‍ය ජනතාවට කිසිවෙකුට වෙඩි නොතබන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

ඒ හේතුවෙන් මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් රටේ නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියා.

“මේ සාමාන්‍ය පුරවැසියන්ට වෙඩි තියනවාද රටේ ? නෑ නේද ? ඉතින් ආරක්ෂාව තියෙනවානෙ…. රට තුළ විවිධ ප්‍රශ්න ගැටලු තියෙනවා පොඩි පොඩි. දැන් අපේ සහයෝගයක් නැහැනෙ කාටවත්, එතකොට දැන් මැර කණ්ඩායම් ඒගොල්ලො ඒගොල්ලො අතර ගැටුම් නිර්මාණය වෙලා. ඉතින් අපට දැන් ප්‍රශ්නයක් තියෙනවා, දැන් මේ මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න පුළුවන්ද ? ඔය සමහර නායකයො අද එක එක දේශපාලන පක්ෂවලින් මහජන මන්ත්‍රීවරු වුණාට ඒගොල්ලො IRCකාරයො. අපරාධකාරයො සභාපතිවරු වෙලා. ජනතාව ඡන්දෙ දුන්නෙ නෑ සභාපතිවරු වෙන්න. එකතුවෙලා හදලා අනාරක්ෂිත තැනක් නිර්මාණය කරගත්තා ඒගොල්ලො”