×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

2026 විසර්ජන පනත් කෙටුම්පතට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Local  •  Published on: 2025-10-25 08:59:28

2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය 23 වනදා එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් 2026 වර්ෂයට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති අයුරු සහ ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු කාරක සභාව හමුවේ දැනුම් දුන්නා.

අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව කාරක සභාව විසින් මෙම අනුමැතිය ලබාදී තිබෙනවා.

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.