රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනයක්
Local • Published on: 2025-10-26 02:47:45
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතු පසුගිය 24 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
මෙම වසරේ පෙබරවාරි මස සිට වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නද වාහන 1000කට අධික ගණනක් ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබුණා.
ඒ 2013 අංක 02 දරන ආනයන හා අපනයන ගැසට් නිවේදනයේ රෙගුලාසිවලට පටහැනිව අදාළ වාහන ආනයනය කිරීම හේතුවෙන්.
මෙම නව ගැසට් නිවේදනයට අනුව වරායෙන් නිදහස් කර ගැනීම සඳහා අවසර ලැබෙනුයේ ආනයන කරන ලද රටින් බැහැරව වෙනත් රටකින් විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළවන වාහන 1000කට ආසන ගණනක් බව සඳහන් වනවා.
මේ අනුව මෙම වාහන නිදහස් කිරීමට අදාළ කොන්දේසි ගණනාවක් වාහන නිදහස් කිරීමේ දී සහ ලියාපදිංචි කිරීමේදී මෙම ගැසට් නිවේදනය මඟින් ඉදිරිපත් කර තිබෙනවා.