රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන තවත් තොරතුරු එළියට
Local • Published on: 2025-10-26 03:49:37
රත්මලානයේ දී ඊයේ (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹා ගොස් වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳව තොරතුරු කිහිපයක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ අදාළ වෑන් රථය ඊයේ (25) පස්වරු 5.25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම් දී ඇති බවයි.
කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබෙනවා.
මෙහිදී රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේ දී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩි තබා ඇති අතර එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇති බව සඳහන්.
කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලා යෑමට උත්සාහ දරා තිබෙනවා.
එහිදී ඔහු බිම ඇඳ වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර මේ හේතුවෙන් 1990 ගිලන් රථ සේවාව මඟින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කරන බවද පොලීසිය පවසනවා.
පොලීසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
එහිදී හෙළිව ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුලී ගමන් රියදුරෙක් බවයි.
මෙම වාහන පිළියන්දල සිට රත්මලාන දුම්රියපොළ අසල දක්වා ගමන් කිරීමේ දී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කිහිපයක් ද අනතුරට ලක් කරමින් පැමිණ ඇති බවද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියෙක් බවත් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.