×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් ආනයනය කරයි

Local  •  Published on: 2025-10-27 02:24:43

දේශීය වෙළෙඳපොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති බවයි.

ඊට අමතරව පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් ඇති බවද රේගුව සඳහන් කරනවා.

දේශීය වෙළෙඳපොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වනදා සිට GR 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය පසුගියදා ලබාදී තිබුණා.

මේ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට රජය පියවර ගැනුණා.

ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට මෙහිදී මෙට්‍රික් ටොන් 520ක උපරිමයකට යටත්ව සහල් ආනයනයට අවසර ලබා දෙනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 24ක් පමණ වනවා.

ඉන් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය 10%ක් එනම් මෙට්‍රික්ටොන් ලක්ෂ 2කි.