×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ළඟදීම ඡන්ද අයිතිය

Local  •  Published on: 2025-10-27 10:13:41

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට එක්වෙමින්.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වන බවද ඔහු මෙහිදී කියා සිටියා.

"දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා විදේශගත ඔබට ඡන්දය ලබාදීමට අවශ්‍ය කරන පහසුකම් සලසලා ඊට අවශ්‍ය කරන නෛතික තත්ත්වය ඇති කරන්න. විදේශ ගත ඔබ සියලු දෙනාට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදෙන්න අවශ්‍ය කරන නෛතික සම්පාදනයන් සිදුකරමින් තියෙනවා."