×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්  •  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය වෙයි

Local  •  Published on: 2025-10-28 02:58:07

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අය කිරීම සඳහා අදාළ වන රීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බව ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

නව ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පුර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවයි.

මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක නොවූ අතර එය නව නීතියක් ලෙස හඳුන්වා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

තවද නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පුර්ණයෙන්ම නොගෙවා ඇති විට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් දක්වා පැවැති අතර එය මාස 3ක් දක්වා කෙටි කිරීමට නව ගැසට් පත්‍රය මඟින් පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සුරාබදු ගෙවීම් පැහැර හැරීම අවම කිරීමේ අරමුණින් මෙම නව බදු ගෙවීමේ කාලසීමාව සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා.