×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

රන් මිල තවත් පහළට

Business  •  Published on: 2025-10-28 10:50:24

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ 3 නේ සීමාවට වඩා පහළ ගොස් තිබෙනවා.

මේ අනුව කැරට් 22 රන් පවුමක අද (28) මිල රු 298000ක් ලෙස දැක් වුණා.

මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රුපියල් 81000කින් පහළ ගොස් තිබුණා.

පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රුපියල් 379200ක් ලෙස දැක්වුණා.

මේ අතර වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔක්තෝබර් 17 වනදා රුපියල් 410000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇති බවයි.