×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලවරණයට දින තීන්දු වෙයි

Local  •  Published on: 2025-09-18 06:33:56

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසනවා.

වත්මන් දියවඩන නිලමේවරයාගේ ධූර කාලය මේ වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතයි.

මේ අනුව නව දියවනද නිලමේවරයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම මේ වසරේ නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.

වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත් වූණා.

ඉන් පසුව අවස්ථා දෙකකදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්ව ඇති බවද සඳහන්.

දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10කි.