×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

නාරාහේන්පිට ගින්නෙන් 07ක් බේරා ගනී

Local  •  Published on: 2025-10-29 07:24:20

නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න මේ වන විට සම්පුර්ණයෙන් පාලනය කර තිබෙනවා.

එම නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න අද (29) උදෑසන හටගෙන තිබුණා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 13ක් යොදා ගනිමින් එම මහල්වල සිරවී සිටින ජනතාව මුදාගෙන ගැනීමට කටයුතු කළා.

සහන කණ්ඩායම් විසින් ගින්නට මැදිවූ පුද්ගලයින් 07 දෙනෙක් බේරාගෙන තිබෙනවා.

ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත්කර යවා තිබුණා.

මේ දක්වා ගින්න ඇති වීමට හේතුව හෙළිව නැහැ.

ගින්නෙන් එක් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වනවා.