×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

හමුදා පුහුණුවකදී අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුරක්

Local  •  Published on: 2025-10-29 08:32:17

යුද හමුදා පුහුණුවක් අතරතුර අත් බෝම්බයක්  සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළුන් තිදෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

මාඳුරු ඔය යුද හමුදා පුහුණු කඳවුරේ දී අද (29) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අදාළ අනතුරින් තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් තිදෙනා පොළොන්නරුව රෝහලත් ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.

අනතුරෙන් සෙබළුන්ගේ පාදවලට තුවාල සිදුව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ රුසියානු යුද හමුදාව අතර මේ දිනවලදී පැවැත්වෙන යුද අභ්‍යාසයක් අතරතුරදී මෙම අනතුර සිදුව තිබෙනවා.