×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?  •  රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව  •  ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි  •  කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී  •  රටම එකට - ජාතික මෙහෙයුම අද සිට

පොලිස් පොඩ්ඩෙක් ගැන පොලිස්පතිගෙන් පැමිණිල්ලක්

Local  •  Published on: 2025-10-29 09:27:58

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පියවර ගෙන තිබෙනවා.

පොලිස් මුලස්ථානයේ වගකිව යුතු ඉහළ තනතුරක් ගොබවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මාරු කර යවමින් විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා ඇතුළු උසස් නිලධාරීන් පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට ලබාදීම හා පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශවයන් වෙත ලබාදී ඇති බව වූ අනාවරණය මත පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

මෙම නිලධාරියා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු බවට සඳහන් පුග්ද්ලයෙක් සමඟින් පොලිස්පතිවරයා සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කරන හඬපටයක් ද පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගෙන් හා අදාළ හඬපටයේ දුරකථන සංවාදය සිදුකළ බව කියන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සිද්ධියට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි.