×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

රනිල් ගෙදර යයි - නඩුව ජනවාරිවලට කල් යයි

Local  •  Published on: 2025-10-29 09:43:41

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියම කළා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදුව තිබේ දැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද ඔවුන් සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ ද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළා.