×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

කැරිබියන් දුපත් වැනසූ මෙලිසා

Local  •  Published on: 2025-10-30 01:34:49

මෙලිසා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට කැරිබියන් දුපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වසරේ මෙතෙක් ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙස සැලකෙන මෙලිසා සුළි කුණාටුව සමඟ ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තවද ජැමෙයිකාවේ බහුතර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බවද සඳහන්.

මෙම සුළි කුණාටුව සමඟ එරට හතරෙන් තුනකට විදුලිය නොමැති බව වාර්තා වනවා.

මේ වන විට මෙලිසා ජැමෙයිකාවේ සිට පැයට සැතපුම් 115ක වේගයෙන් කියුබාව දෙසට ඇඳී යමින් තිබෙන බවද විදෙස් වාර්තා දැක්වෙනවා.