×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට  •  ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ  •  නාමිකව පමණක් ජාතික පාසල් වූ පාසල් 809ක් - කෝපා කමිටුවේදී සියල්ල හෙළිවෙයි  •  Wrestling පුරාවෘත්තයක්වන හල්ක් හෝගන් ජීවිතක්ෂයට  •  පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

අප්‍රේල් මාසයේ දී බදු ආදායමේ කැපීපෙනෙන වැඩිවීමක්

Business  •  Published on: 2025-06-09 15:00:02

2025 මුල් මාස 04 තුළ දී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වේ. 2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රු. බිලියන 1,218.07 ක් ලෙසින් වාර්තා වන අතර එය මෙම වසරේ පළමු මාස 04 තුළ දී රු. බිලියන 1,454.67 ක් දක්වා, රු. බිලියන 236.60 කින් වැඩි වී තිබේ. මෙය 19.42%ක වර්ධනයකි. එහිදී රු. බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් වාර්තා වීම විශේෂත්වයකි. විශේෂයෙන් එම මාසය තුළ දී වාහන ආනයනය නැවත විවෘත කිරීම හේතුවෙන් මෙලෙස බදු ආදායමේ ඉහළ යාමක් වාර්තා වී තිබේ. මේ අතර 2025 පළමු මාස 04 අවසානයේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂය රු. බිලියන 532.73 ක ධන අගයයක් වාර්තා කරන අතර සමස්ත අයවැය හිඟය රු. බිලියන 261.61 ක් ලෙසින් සටහන්ව ඇත.