රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව
Local • Published on: 2025-10-30 08:30:52
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත උවදුර පරාජයට පත්කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල 'රටම එකට' ජාතික මෙහෙයුමේ සමාරම්භයට එක්වෙමින්.
මෙම ක්‍රියාව වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක ලෙස ජයග්‍රහණය කරන බවද ඔහු මෙහිදී කියා සිටියා.
ඒ මහතා සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය රට වෙලාගත් මායාකාරී ව්‍යවසනයක් බවත් එය පරාජයට පත් කිරීමට තමා කටයුතු කරන අතර දරුවන්, පොදු සමාජය හා ජාතිකයක් ලෙස මුළු මහත් රටම මෙම මයාකාරී ව්‍යවසනයේ ගොදුරු බවට පත්වෙමින් තිබෙන බවත්ය.
"දරුවා බිහිවෙන මොහොත් අම්මා තාත්තාගේ විශාල බලාපොරොත්තුවක් පොඳි බැඳුණා. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත්වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක්වෙමින් සමාජයෙන් කොන්වෙමින් තිබෙනවා.
අපිට මත්ද්‍රව්‍ය කිලෝ 800 - 900 හම්බවෙනවා. අපි තේරුම් ගන්න ඕනේ එන ඔක්කෝම අපි අල්ලලා නෑ. අල්ලනවා නම් එන්නේ නෑ. මේ නිසා ඔවුන් දන්නවා මේ අල්ලන ප්‍රමාණය එන ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ සපයන ප්‍රමාණය මොන තරම් විශාලත්වයක් ඇත්ද කියා. කිලෝ 800 කෝටි 1500කට විකිණෙනවා. ඒ නිසා විශාල මුදල් ප්‍රමාණයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගිලා. එකවිට මහා කළු ව්‍යාපාර ගොඩනඟන ජාවාරමක් බවට මේ ව්‍යවසනය පත්වෙලා. ඔවුන් අතර මෙම වෙළෙඳපොළ බෙදාගැනීමට ගැටුම් නිර්මාණය වෙලා. මෑත කාලයේ වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර සිදුවීම්. තැන තැන වෙඩි තැබීම් සිදුවෙලා තියෙනවා. මේ සියල්ල මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් සිදුවෙලා. ඒ තරම් වෙඩි උණ්ඩ, ගිනිඅවි, වෙඩිතැබීමේ ආරක්ෂාව කොහොමද නිර්මාණය වුණේ ? රටක ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. හැබෑමට සිදුව ඇත්තේ ඔවුන් සතුව ඇති මූල්‍යමය බලය මත රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කරලා. ඒ නිසා තවදුරටත් මේ තත්ත්වය සඟවමින් මේ තත්ත්වයට මුහුණදෙන්න බෑ.
ඔවුන් අත ගිනිඅවි සැරිසරනවා. ඔවුන් ගිනිඅවි නිෂ්පාදකයෝ නෙමෙයි. බලපත්‍ර සහිත ගිනිඅවි ගැනීමේ බලය තියෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සතු ගිනිඅවි ඔවුන් අතට ගියේ කොහොමද ? දැනට වාර්තා වුණා සමහර හමුදා කඳවුරුවලින් ටී 56 ගිනිඅවි 73ක් ඒ අය අතට ගිහින්. එයින් 35ක් අත්අඩංගුවට අරන් 38ක් ඔවුන් අත සැරිසරනවා. රජය සතු ආයුධ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උණ්ඩ අපි අත්අඩංගුවට ගත්තා.හමුදාවේ ප්‍රධාන කර්නල්වරයෙක් උණ්ඩ සපයලා තියෙනවා. ඒ වෙනුවට බැංකුවට මුදල් ඇවිත් තියෙනවා. රජය සතු ගිනිඅවි පොලීසියේ මහත්තයෙක් විකුණලා පලායනවා. ගිනිඅවි විකුණනවා. සන්නද්ධ කණ්ඩායම් සතු මුදල් බලය අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගිලගැනීමට සමත් වෙලා."