×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පැරදු ඉන්දීය කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරඟයට

Sports  •  Published on: 2025-10-31 03:00:15

ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ (30) සමත් වුණා.

තරඟාවලියේ දෙවන අවසන් පූර්ව වටය නවි මුම්බායි හි DY පටිල් ක්‍රීඩාංගණයේ දී පැවැති තරඟයේ කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කාන්තාවන් පන්දුවාර 49යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 339ක් ලබා ගැනීමට සමත් වුණා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Phoebe Litchfield පන්දු 93කදී ලකුණු 119ක් රැස්කළා.

ඊට හතරේ පහර 17ක් සහ හයේ පහර 3ක් ඇතුළත්.

ඕස්ට්‍රේලියා ඉනිමේ අවසන් භාගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Ashleigh Gardner ලකුණු 63ක් ලබා ගනු ලැබුවා.

ලකුණු 340ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3කදී පසුකර යාමට සමත් වුණා.

එහිදී ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවරිය වූ ජෙමිමා රොඩ්‍රිගස් නොදැවී ලකුණු 127ක් රැස්කළා.

ඊට අමතරව නායිකා හර්මන්ප්‍රීත් කෝර් අගනා ලකුණු 89ක් රැස් කරනු ලැබුවා.

ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට පන්දු 156කදී ලකුණු 167ක සබඳතාවක් ද පැවැත්වුණා.

මේ අතර පළමු අවසන් පූර්ව තරඟයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගනු ලැබුවා.

ඒ අනුව 1973 සිට ඉතිහාසයක් ඇති එක්දින ලෝක කුසලානයේ පළමුවරට එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව නොමැති අවසන් මහා තරඟයක් මෙවර පැවැත්වෙනවා.

ඉන්දියාව මීට පෙර 2005 හා 2017 වර්ෂයන්හිද අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා තිබුණා.

තවද දකුණු අප්‍රිකාව මෙවර එම අවස්ථාව හිමිකර ගනු ලැබුවේ පළමුවරටයි.

කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ලබන 2 වනදා මුම්බායි හි DY පටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.