×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන  •  යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්  •  පසුගිය වසරේ දී SPC හි ලොකු ප්‍රගතියක්  •  නායයාමේ අවධානමක් නිසා අම්බුළුවාව කන්ද ආශ්‍රිත නිවාස 18ක පදිංචිකරුවන් ඉවත් කරයි  •  නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

උද්ධමනය ඉහළට

Business  •  Published on: 2025-10-31 14:59:09

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සැප්තැම්බර් මස 1.5%ක් වූ උද්ධමනය ඔක්තෝබර් මසදී 2.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඔක්තෝම්බර් මස දී ආහාර කාණ්ඩයේ උද්ධමනය 3.5%ක් දක්වා වැඩි වී අතර එය සැප්තැම්බර් මසදී 2.9%ක් ලෙසද සටහන් වී තිබුණා.

සැප්තැම්බර් මසදී 0.7%ක් ලෙස සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මසදී 1.4%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.