×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව ගැන අධිකරණය ගත් තීන්දුව

Local  •  Published on: 2025-11-01 16:04:02

රථවාහන වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු කාන්තාව ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඇය අද (11) උඩුගම්පොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය කර ඇති බව සඳහන්.

මෝටර් රථයක් ධාවනය කර ඇති සැකකාර කාන්තාව රථවාහන වරදක් සම්බන්ධව නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා තිබුණා.

එහිදී ඇය පොලිස් අණ නොතකා පලාගොස් තිබූ බව සඳහන්.

අනතුරුව එම මෝටර් රථය හඹා ගිය පොලිස් නිලධාරීන් උඩුගම්පොල ප්‍රදේශයේ දී එම රථය නතර කර පරික්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී එම කාන්තාව තමා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ නැගණියක් බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කර තිබුණා.

සැකකාර කළහකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ද පළ වුණා.

පසුව ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සැකකාර කාන්තාව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ නැගනියක බවට සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බවට අනාවරණය වූ බවයි.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අදාළ කාන්තාව අන්තරාදායක හා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය, පොලිස් සංඥා නොතැකීම, සාපරාධී බලහත්කාරය පෑම හා අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.