×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

BREAKING - නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇති බවට හෙළිවෙයි

Local  •  Published on: 2025-11-02 04:57:57

බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යය සොයා ගත් බව නාවික හමුදාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කළේ එම යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බවට හෙළි වූ බවයි.

තවද තවදුරටත්  එම යාත්‍රාවේ ඇති උර කිරුම් කටයුතු සිදුකරනු ඇති බවද නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාවට ලැබී ඇති බුද්ධි තොරතුරක් මත මෙම යාත්‍රාව වැටලීම් සිදු කර තිබුණා.

එහිදී අදාළ යාත්‍රාව නාවික හමුදාව භාරයට ගනු ලැබුවා.

මේ අනුව එම යාත්‍රාව අද (02) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරයාට රැගෙන එනු ලැබුවා.