×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ලිඛිතව ඉල්ලන්න - පොලීසිය

Local  •  Published on: 2025-11-03 07:25:06

ආරක්ෂාව පිළිබඳ පවතින තර්ජන සම්බන්ධව විශ්ලේෂයකින් පසුව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ඒ සම්බන්ධව ලිඛිතව ඉල්ලීමක් කළ හැකි බවයි.

මේ අනුව ඔවුන්ට පවතින තර්ජන පිළිබඳව විශ්ලේෂණය කොට ආරක්ෂාව ලබාදිය බවට තහවුරු කළහොත් එම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බවද පොලීසිය පවසනවා.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල ගිනිඅවියක් ලබා දෙන ලෙස ද ඉල්ලීම් කර ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා පළ වුණා.