×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළිත් රිමාන්ඩ්

Local  •  Published on: 2025-11-03 08:58:30

රථවාහන වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ 46 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ කාන්තාවකි.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ කාන්තාව රථවාහන වරදක් පිළිබඳව නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කර තිබුණා.