×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පාතාල සාමාජික සමපෝෂ පොලිස් අත්අඩංගුවට

Local  •  Published on: 2025-11-03 13:10:59

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මධුසංඛ නොහොත් සමපෝෂ නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් 'වැල්ලේ සාරංග' යන අයගේ සමීපතමයෙකු බවයි.

සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890ක් ද සොයාගත් බවද වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ තවද සැකකරු මනුෂ්‍ය ඝාතන පහකට සම්බන්ධ බවයි.