×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

චරිත රත්වත්තේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Local  •  Published on: 2025-11-04 09:47:03

මුදල් අමාත්‍යාංශ ලේකම්වරුයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාවේ නිලධාරීන් විසිනි.

2015 වසරේ දී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත මිලදී ගැනීම සඳහා කිසිඳු අවශ්‍යතාවයක් නොතිබූ ධාන්‍ය වර්ග තාවකාලිකව ගබඩා කිරීම සඳහා භාවිත කරන කොකුන් ගබඩා 50ක් අනුගමනය කළ යුතු නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර චුදිත අය විසින් හඳුන්වාදෙන ලද ආයතනයක් මඟින් ආනයනය කර මිලදී ගැනීමට සංස්ථාවේ නිලධාරීන් පෙළඹවීම චරිත රත්වත්තේ මහතාට එල්ල වී ඇති චෝදනාවයි.

මේ අනුව රජයට රුපියල් 99,679,799ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්වයක් වෙත සලසා දීම යන චෝදනාවට අදාළව ඒ මහතාව අද (04) උදෑසන 8.25ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඒ මහතාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.