×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් පාකිස්තාන සොල්දාදුවන් 12ක් මරුට

Foreign  •  Published on: 2025-09-13 12:30:44

වයඹදිග පාකිස්තානයේ හමුදා රථ පෙළකට ඉස්ලාමීය සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සොල්දාදුවන් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල දකුණු වසිරිස්තානයේ කඳුකර බඩාර් ප්‍රදේශයේදී සොල්දාදුවන් වාහනවලින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.

කෙසේ වෙතත් දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසුව පාකිස්තාන සොල්දාදුවන් 12 දෙනෙකු සහ ඉස්ලාමීය සටන්කාමීන් 13 දෙනෙකු මිය ගිය බව පකිස්ථාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.