×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අමෙරිකානු රජයේ වසා දැමීම සමඟ ගුවන්තොටුපළ 40ක කටයුතු අඩාල වෙයි

Foreign  •  Published on: 2025-11-06 03:42:37

අමෙරිකානු රජය අකර්මන්‍යය වීම හේතුවෙන් එරට ප්‍රධාන ගුවන් තොටුපොළ 40ක කටයුතු 10%කින් අඩු කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

එරට සෙනට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබාදීමේ පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් දින 36ක සිට රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් අත්‍යාවශ්‍ය නොවන සේවා සියල්ල අකර්මන්‍යව පවතිනවා.

මෙය සැලකෙන්නේ අමෙරිකානු ඉතිහාසයේ දිගම වසා දැමීම ලෙසයි.

මෙම තත්ත්වය හමුවේ වැටුප් නොගෙවීම හේතුවෙන් ගුවන් මඟීන් පාලකවරු 13000ක් සහ ගමන් මලු පරික්ෂාකරන්නන් 50000ක් සිය රාජකාරී සදහා පැමිණ නොමැති බව සඳහන්.

10%කින් ගුවන්තොටුපළවල කටයුතු අඩු කරන ලෙස කර ඇති දැනුම් දීමට අනුව නිව්යෝර්ක්, වොෂින්ටන්, චිකාගෝ, ලොස් ඇන්ජලීස්, ඩලස් සහ ටෙක්සාස්වල ගුවන් ගමන් 18වාර 00ක් පමණ නතර කිරීමේ අවධානමක් හටගෙන තිබෙනවා.

මේ හරහා මඟීන් 268000කට පමණ අපහසුතාවලට මුහුණ දීමට සිදුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.