×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

බංගලදේශ කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

Sports  •  Published on: 2025-11-07 03:33:39

බංග්ලාදේශය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බංග්ලාදේශයේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර ඇති බව වාර්තා වනවා.

හිටපු නායකයෙක් වන අෂ්රෆුල් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් වන අතර ඔහු ටෙස්ට් තරඟ 61, එක්දින තරඟ 177ක් සහ විස්සයි විස්ස තරඟ 23ක් සඳහා ක්‍රීඩා කර තිබෙනවා.

ලබන දෙසැම්බර් මස අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලියේ සිට ඔහු පිතිකරණ පුහුණුකරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශයේ හිටපු සහාය පුහුණුකරු මොහොමඩ් සලහුදීන් එම තනතුරෙන් ඉවත්වීමත් සමඟ මෙලෙස මොහොමඩ් අෂ්රෆුල් ඒ සඳහා නම් කර තිබෙනවා.