×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය  •  දීමනා වරප්‍රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා  •  මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි  •  ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්  •  දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ඇමති විජිත හෙට සෞදියට

Local  •  Published on: 2025-11-07 04:35:20

අමාත්‍ය විජිත හේරත් මහතා රියාද්හි පැවැත්වෙන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීමට හෙට (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

අමාත්‍යවරයා හෙට (08) සිට ලබන 11 වනදා රියාද් අගනුවර රැඳී සිටීමට නියමිතයි.

එහිදී අමාත්‍යවරයා මෙම සංචාරයට එක්වන්නේ එරට පැවැත්වෙන ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහායි.

මෙම සංචාරය අතරවාරයේ දී විජිත හේරත් මහතා ඉහළ මට්ටමේ සැසිවාරවලට සහභාගී වීමට ද නියමිතයි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඊට අමතරව අනෙක් සාමාජික රටවල් කිහිපයක නියෝජිතයින් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව 1975 දී පිහිටුවන ලද UNWTO හි ආරම්භක සාමාජිකයෙකි.