×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපීය රටවලට ට්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්  •  ගත වූ දින 15ට සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ඇවිත්  •  රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට  •  යුරෝපයෙන් TikTokවලට අලුත් තාක්ෂණයක් හඳුන්වා දෙයි  •  ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට

Local  •  Published on: 2025-09-19 12:22:53

දේශපාලන ක්‍රියාකාරීකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද සිටින බවයි වාර්තා කරන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 12400ක සහ ගජමුතු කිහිපයක් තිබී සොයාගෙන තිබෙනවා.

ඔවුන් පිරිස කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් යුද හමුදාවේ සේවය කර නිත්‍යානුකූලව ඉවත් වූ අයෙක් බවයි.